Tuesday, January 3, 2017

Written on

වොක්ස්වැගන් කම්හලේ ඇත්ත සහ නැත්ත

අද කුලියාපිටියේ ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී යුරෝපානු වොක්ස්වැගන් සමාගමේ ඒජන්ත සමාගමක වාහන එකලස් කරන මධ්‍යස්ථානයකට මුල් ගල තැබෙයි.

යහපාලන මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රමුඛ පොරොන්දුවක් ඉටු කරන මේ අවස්ථාවට ජනපති හා අගමැති දෙදෙනාම සහභාගී වෙති.


ජර්මනියේ වොක්ස්වැගන් සමාගම යනු ටොයොටා හා ජෙනරල් මෝටර්ස් යන ප්‍රධාන සමාගම් දෙක සමග කරට කර තරග වදින ලෝක වාහන වෙළෙඳ පොළේ විශාලතම පංගු කරුවෙකි. 

Monday, January 2, 2017

Written on

ඩෙංගු මාරයා අගමැති ආරක්ෂක අංශ නිලධාරිනිය බිලිගනී

ඩෙංගු උණ රෝගය වැලඳීමෙන් අග්‍රාමාත්‍ය ආරක්‍ෂක අංශයට සම්බන්ධව සේවයේ නියුතු පොලිස් කාන්තාවක් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එච්. චතුරිකා සෙව්වන්දි නමැති 22 හැවිරිදි අවිවාහක කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

ඩෙංගු උණ රෝගය වැලඳී කොළඹ, කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 දින ඇය මියගොස් ඇත.

Sunday, January 1, 2017

Written on

ලෝකය 2017 පිළිගනී


සැමෝවා - ටොන්ගා සහ කිරිබතී යන පැසිෆික් දිවයින් ග්‍රිනිච් වේලාවෙන් ඊයේ දහවන පැයේ සිට නව අවුරුදු උදාව සැමරූ අතර, එතැන් සිට ලොව ප්‍රධාන නගර රැසක්ම මේ වනවිට එළඹුණු 2017 වසර පිළිගෙන තිබෙනවා.  

ප්‍රධාන නගරයක් ලෙස 2017 මුලින්ම පිළිගත්තේ නවසීලන්තයේ  ඕක්ලන්ඩ් නුවරයි. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය ආශ්‍රිතව ඉන් පසුව පැවැත්වුණේ නව වසරේ චමත්කාර ජනක පිළිගැනීමක්. 

සිඩ්නි ඔපෙරා රඟහලද ඇතුළත්ව පැවති ගිනිකෙළි සංදර්ශන දෙකක් සඳහා ටොන් හතක ගිනි කෙළි දැල්වූ අතර එය නැරඹීමට මිලියන 1.5 ක පමණ ජනකායක් එක්වුණා.