Saturday, December 31, 2016

Written on

අද මධ්‍යම රාත්‍රී 12ට ලොව පුරා ඔරලෝසු වල වේලාව වෙනස් වන හැටි මෙන්න

නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්ය බල කාලහෝරා යන්ත්‍රය ඇතුළු ලොව පුරා සියලූම කාලය මැනීමේ උපකරණවලට අද මැදියම් රැයේදී අමතර තත්ත්පරයක් එක් කෙරෙනවා. 

ඒ පෘථිවියේ භ‍්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.  තත්ත්පරයක කාලසීමාව විද්‍යාත්මක ගවේෂණයන්හිදී විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ. 

චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂය වටා ගමන් කිරීමේදී තත්ත්පරයෙන් දහසකින් එකක නිරවද්‍යතාවක් අපේක්ෂා කෙරෙනවා. 
Written on

ජනවාරි 8 මොකද වෙන්නේ?

අලුත් අවුරුද්දේ ජනවාරි 8 වැනිදායින් පසු ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසෙන බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකුට (10) ආසන්න පිරිසක් මෙලෙස ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනකු, ගාල්ල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, පුත්තලම, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

Friday, December 30, 2016

Written on

[VIDEO] SUV මෝටර් රථයක් ඇතුලේ සැපක් ගත්ත යුවළකට විනාශකාරී වේදනාවක් හිමි වෙයි

කාමය පිළිබඳව තියෙන ආශාව ඕනෑම මිනිසෙකුට පහල වන හැඟීමක්. ඒ හැඟීම පාලනය කර ගැනීමට නොහැකිව සිමාවෙන් එහා ගිය වැඩ කරපු මිනිස්සු ඕනෑ තරම් අපිට දකින්න පුළුවන්.

මේ ආශාව පාලනය කර ගන්න අසමත් වෙච්ච කපල් එකක් සිය SUV මෝටර් රථයේම ලිංගිකව හැසිරී තිබෙනවා. ඒකත් සෙනඟ ගැවසෙන ස්ථානයක.

මේක බලන් ඉන්න බැරි නිසා වටේ හිටිය මිනිස්සු එකතුවෙලා මේ දෙන්නට වාහනේ ඇතුලේදීම පහරදීලා. පස්සේ පොලිසිය ඇවිත් මෙයාලව අත්අඩංගුවට අරගෙන.

Thursday, December 29, 2016

Written on

මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු

මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

පාසල්,දේවාල හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් බලපත්‍ර අලුත් නොකරන ලෙසත් ඔවුහු ජනපතිට ලියු සංදේශයක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිරිනේසන් හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් මීට එක්වූහ.

Wednesday, December 28, 2016

Written on

බොරු බදුලු කෝච්චි බෝම්බය පසුපස ලව් හුටපටයක්

පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පොලිසියට ව්‍යාජ ඇමතුමක් ලැබීමෙන් පසු ඇති වුණ  කලබලකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම ව්‍යාජ ඇමතුම පසුපස ආදර හුටපටයක් ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.

එම අවස්ථාවේ මගීන් සියල්ල දුම්රිය පොළෙන් ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සමග එක්ව බෝම්බය සොයා තිබුණ නමුත් කිසිවක් හමුවී තිබුනේ නැති අතර නිශ්ඵල ව්‍යාජ ඇමතුම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවී දුම්රිය කිහිපයකම මගීන් රැසකට පැය දෙකහමාරක පමණ රස්තියාදුවක් විඳීමට සිදුවිය.
Written on

ඡන්දය තවත් කල්දාන්න උප්පරවැට්ටියක්

සීමා නිර්ණය කමිටුව හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව සිතා මතා ඡන්දය කල් දැමීමේ දුෂ්ඨ ක්‍රියා පිළිවෙතකට යොමු වී ඇති බැවින් එයට වගකිවයුතු සියළු දෙනාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට කටයුතු කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

දෙසැම්බර් 27 දින (ඊයේ) සීමා නිර්ණය පිළිබද කමිටු වාර්තාව අමාත්‍යාංශය වෙත බාරදීමට නියමිතව තිබූ නමුත් කමිටුව විසින් අදාළ වාර්තාව බාරදීමෙන් වැලකී සිට ඇත. පරිවර්ථන කටයුතු අවසන් නොවීම එයට හේතු වශයෙන් දක්වා ඇත.

සීමා නිර්ණය කමිටුව 2016 මාර්තු මස සිය වාර්තාව ලබා දෙන බව මුලින්ම ප්‍රකාශ කළේය. ඉන් පසුව අප්‍රේල් 30, අගෝස්තු 31, ඔක්තෝබර් 31 ලෙස කමිටු වාර්තාව බාරදීම දින ප්‍රකාශ විය. තම කමිටුවේ ඉල්ලීමක් පවා නොමැතිව එහි කාලය දීර්ඝ කොට ඇතැයි ප්‍රකාශ කළ එහි සභාපති අශෝක පීරිස් මහතා තමන් නොවැම්බර් 30 දින වාර්තාව බාර දෙන බව වරක් ප්‍රකාශ කළේය. 

Tuesday, December 27, 2016

Written on

[VIDEO] මගීන් 154දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Breaking News 12:05pm
ඉන්දියානු ගුවන් සේවා සමාගමක් වන ජෙට් එයාර්වේස් Jet Airways  ගුවන් සේවාවට අයත් යානය අද පාන්දර 5ට පමණ අනතුරකට ලක්වෙලා තිබෙනවා.

ඉන්දීය පුවත් වාර්තා කරන්නේ මගීන් 154ක් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 7දෙනෙකු රැගත් ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් 9W 2374 යානය මෙලෙස අනතුරට ලක්වූ බවයි.

යානය ගෝආ  සිට  මුම්බායි දක්වා පියාසර කිරීම සදහා යානය ගුවන් ගත වෙනවාත් සමග එකවර යානය ඇදේට ගොස් ගුවන් පථයෙන් පිටතට පැන විසිවී ගොස් තිබෙනවා.
Written on

පූටින්-ට්‍රම්ප් න්‍යෂ්ටික බලය වැඩි කරති

ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.

රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් රුසියා න්‍යෂ්ටික බලය වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මේ තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආයුධ තරඟකාරීත්වය වැඩි වීමට මෙය හේතුවනු ඇතැයි  විචාරකයෝ පවසති.

Monday, December 26, 2016

Written on

තාජුදීන්ගේ සහෝදරයාට තර්ජන

ඝාතනය කරන ලදැයි සැකයක් පවතින වසීම් තාජුදීන් ගේ සහෝදරයකුට එම නඩුවේ චූදිතයකු වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා විසින් සිදු කරන ලදැයි පැවසෙන තර්ජනයක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තාජුදීන් නඩු විභාගය අද (26) කැඳවූ අවස්ථාවේ පොලිසිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් 'තාජුදීන් ඝාතනය සිදු වූ වකවානුවේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියාකළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ තර්ජනය සිදුකළ බවට' පැමිණිලි ඉදිරිපත් වී ඇති බව කියා සිටියේය.

ඒ අනුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ අර ඇති බව අගතියට පත් පාර්ශවයේ නීතිවේදී මිෂ්බාක් සත්තාර් සඳහන් කළේය.
Written on

[UPDATE] කොළඹ විවෘත වුනේ උසම නත්තල් ගස නෙමේලු

ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස නොවන කතා වැරදියි 
ගිනස් වාර්තාවේ ඇත්ත කතාව 

අර්ජුන රණතුංග සමාජ සත්කාරය කොළඹ ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කර ඊයේ විවෘත කරන ලද නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගසද යන්න ගැන මේ වනවිට මතභේදාත්මක කරුණු පළවෙමින් පවතී. 

තවමත් මෙම නිර්මාණයට ගිනස් වාර්තා අනුමැතිය හිමිවී නැති අතර එය අයදුම් පොරොත්තු ලේඛනයට පමණක් ඇතුළත් කර ඇත. 

නිර්මාණය ආරම්භයේදී අඩි 325 කින් උසට නිම කර ගිනස් වාර්තාව තබන බවට නිර්මාණකරුවන් පැවසුවද එය නිම කරන ලද උස අඩි 238 කි. ඒ අනුව අඩි 87 ක් ඔවුනට අහිමි විය. ඉදිකිරීම අතරතුර ආගමික නායක උපදෙස් මත තාවකාලික අත්හිටුවීමක් සිදුවීම එයට හේතු විය. 

Sunday, December 25, 2016

Written on

[VIDEO] කොළඹ විවෘත වුනේ උසම නත්තල් ගස නෙමේලු

කොළඹ ගාලු මුවදොරදී ඊයේ (24දා) රාත්‍රියේ විවෘත කෙරුණු නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගස නොවන බව කතෝලික විභාවනය නම් සංවිධානයක් සඳහන් කරනවා.

කොළඹ නත්තල් ගසේ උස මීටර් 114ක් ලෙස වාර්තා වන අතර ඔවුන් පවසන්නේ 2009 වසරේදී බ්‍රසීලයේදී ඉදිකර ඇති නත්තල් ගසක් ලෝකයේ උසම නත්තල් ගස වෙන බවයි.

ගිනස් වාර්තා අනුව එහි උස මීටර් ආසන්න වශයෙන් මීටර් 128ක් වන බවද එම සංවිධානය සඳහන් කරනවා.

ලෝකයේ උසම නත්තල් ගසට හිමි ගිනස් ලෝක වාර්තාව පහතින් බලන්න

Friday, December 23, 2016

Written on

විසිඑක් වසරක් තිස්සේ යුද අනාථයෝ තවමත් කඳවුරක

'ඉඩම් අහිමි තමන්ට වසර 21ක් තිස්සේ අනාථ කදවුර'
විසිඑක් වසරක් තිස්සේ තමන් වවුනියාවේ අනාථ කඳවුරක ජීවත්වන බව යුද්ධයෙන් අනාථවූ පවුල් 231ක සාමාජිකයෝ පවසති.

වව්නියාවේ අනාථ කඳවුරු දෙකක ජීවත්වන මෙම පිරිස පවසන්නේ දශක දෙකක් ගතවී ඇතත් තවමත් ඔවුන්ට නිවාස තනා දී නොමැති බවය.

වවුනියාව නගරයෙන් කිලෝමීටර් හතරක් දුරින් පිහිටි පූන්තෝට්ටම් අනාථ කදවුරේ පවුල් 95 ක්ද, නගරයට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටි සිදම්බරපුරම් කදවුරේ පවුල් 134ක්ද වශයෙන් මෙම පිරිස ජීවත් වෙති.

Thursday, December 22, 2016

Written on

ස්ත්‍රී දුෂකයන්ගෙන් බේරෙන්න ලංකාවෙන් සටන් කලාවක්

මිනිත්තු ගානකින් ඉගෙන ගන්න පුළුවන්

මිනිස්සු ජිවිතේ අනතුරු වර්ග දෙකකට මුහුණ දෙනවා. ඒයින් එකක් ස්වභාවික වෙන අනතුරු. දෙවැනි එක කවුරුන් විසින් හෝ අපට හිතා මතා කරන අනතුරු.

මේ කතා කරන්නේ කවුරු හරි අපිට හිතා මතා කරන අනතුරු සම්බන්ධව. ඒ වගේ වේලාවකදී අපිට කවුරුහරි පහරදෙන්න උත්සහා කළොත්, අපි සතුදෙයක් පැහැර ගන්නට උත්සහ කළොත්, නැත්නම් ජිවිත හානියක් කරන්න උත්සහ කළොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ. ඔබට ඒ ගැන අත්දැකීමක් තියෙනවද?

එක්කෝ කරදරයක් කරන්න එපා කියලා අඬයි, එහෙමත් නැත්නම් දුවලා බේරෙන්න උත්සහ කරයි, එහෙමත් නැත්නම් ඔබ පහරදෙන්න උත්සහ කරයි. පහර දෙන්න නම් ඔබට ඒ ගැන අදහසක් තියෙනවද ?
Written on

රංගන හේරත් ලංකාවේ නම ලොකු තැනකට එක් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන අන්තර්ජාතික ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව මේ වනව විට නිකුත් කර තිබේ.

අයි.සී.සී. වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් නම් කොට නොමැත. 

කෙසේ වෙතත් අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ රංගන හේරත් නම්ව තිබේ.

Tuesday, December 20, 2016

Written on

ජයලලිතාගේ මරණය සැක සහිතයි

මුළුමහත් තමිල්නාඩුවම කම්පාවට පත්කරමින් ඉකුත් 5 වැනිදා තමිල්නාඩුවේ අම්මා සිය අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියාය. 

ඒ කිහිප දිනක සිට ඇය පෙළෙමින් සිටි අසනීප තත්ත්වය හේතුවෙන් රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින විටය. ඇගේ නික්ම යාමට පැය කිහිපයකට පෙර සිටම තමිල්නාඩුවේ හදවත නැවතී සියළු සේවා අඩාල වී තිබුණි. මහජනයා ඇය ප්‍රතිකාර ලබමින් සිටි රෝහල අවට හා වීදි පුරා රැස්වී ඔවුන්ගේ අම්මාගේ සුවය ප්‍රාර්ථනා කළහ. එහෙත් දහස් ගණන් ජනතාවගේ එම ප්‍රාර්ථනා සුළඟට මුසු කරමින් තමිල්නාඩුවේ අම්මා සිය අවසන් නින්දට වැටුණාය.

ඇය මිලියන හැත්තෑවක් පමණ වන ජනගහනයක් වෙසෙන තමිල්නාඩුවේ “අම්මා” හෙවත් ජයලලිතා ජයරාම්ය. මියයන විට තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරිය ලෙස කටයුතු කරමින් සිටි ඇය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකාවද වේ. 1948 වර්ෂයේ පෙබරවාරි මස 24 වන දින උපත ලැබූ ජයලලිතා මියයන විට 68 වන වියේ පසු වූවාය. තමිල්නාඩු ජන හදවත් අතික්‍රමණය කළ ඇය එදාමෙදා තුර තමිල්නාඩුව තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම පසුවූ තැනැත්තිය බවට අවිවාදිතය. එනිසාම ඇය වෙනුවෙන් සිය දිවි පිදීමට පවා තමිල්නාඩු ජනයා දෙවරක් සිතන්නේ නැත.

Monday, December 19, 2016

Written on

යහළුවාගේ පෙම්වතියට අයුතු බලපෑම් කලේ යයි ඇමති චම්පිකට එරෙහිව ප‍්‍රබල චෝදනාවක්

ඇමති චම්පික රණවකට එල්ල වී ඇති ප‍්‍රබල චෝදනාවක් සම්බන්ධයෙන් SL Vlog වෙබ් අඩවිය ඔස්සේ කරුණු හෙලි කරයි.

තම හිතවතෙකුගේ පෙම්වතිවයකට අයුතු බලපෑම් කලේ යයි මෙම චෝදනාව එල්ල කරන්නේ පොලිස් පැමිණිල්ලක පිටපතක්ද උපුටා දක්වමිනි.

මෙම චෝදනාව මීට ටික දිනකට පෙර අනත්ර්ජාල මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදීම එල්ල විය.
Written on

[VIDEO] සම්බා සහ නාඩු කිලෝව 50ට ?

ලබන සතිය වන විට සම්බා සහ නාඩු සහල් මෙටි‍්‍රක් ටොන් 10,000ක් ආනයනය කර කිලෝව රුපියල් 50ත් 60ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් බව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

රජයේ ගබඩාවල ද වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් පමණ තිබෙන බව කී ඇමැතිවරයා එයින්ද මෙටි‍්‍රක් ටොන් 5,000ක් පමණ තබාගෙන ඉතිරිය ක‍්‍රමානුකූලව වෙළඳපළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපයා ඇති දත්ත අනුව ගිය කන්නයේ ලැබුණු සහල් අස්වනු ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් බවත් ඇතැම් සහල් මෝල් හිමියන් හා ව්‍යාපාරිකයින් වෙළඳපළේ සහල් හිගයක් මවා පා මිල ඉහළ දැමීමට කටයුතු කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

Sunday, December 18, 2016

Written on

[VIDEO] අසභ්‍ය චිත‍්‍රපටයකට වචන ටිකක් දමා ගීත වීඩියෝවක් එලිදක්වයි

Ill Noize Records නම් සංගීත කණ්ඩායමක් විසින් අලූත්ම ගීත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

ශාන්ති ( Shanthi ) – Fill T Ft. Smokio’ නම් කර ඇති එම ගීතයට යූ ටියුබය ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා සටහන් කර ඇත්තේ මෙය ගීතයක් යයි කීමට වඩා අසභ්‍ය චිත‍්‍රපටයකට පසුබිමින් වචන ටිකක් දැමීමක් පමණක් බවයි.
Written on

ඔත්තු බලන ඇමරිකානු යානයක්‌ මත්තලට රහසේ ගොඩබායි

හම්බන්තොට මාගම්පුර වරායේ විදේශ නැව් දෙකක්‌ ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම මැද ඇමරිකානු නාවික හමුදාවේ අධි තාක්‍ෂණික විද්යුත් උපාංග සහ සෙන්සර උපාංගවලින් යුත් පොසිඩන් නමැති ඔත්තු බැලීමේ යානාව මත්තල ගුවන්තොටුපළට පැමිණීමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග අභ්‍යාසවල යෙදීමට බව දක්‌වමින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ඔත්තු සේවා යානාව එකවරම මත්තල ගුවන් තොටුපළට ගොඩ බා පසුව පිටත්ව ගොස්‌ තිබේ. ආරක්‍ෂක ආරංචි මාර්ග දක්‌වන්නේ මත්තල ගුවන්තොටුපළේ කිසිදු හමුදා අභ්‍යාසයක්‌ නොතිබූ බවයි. 


ඉන්දීය සාගරයේ නෞකා මාර්ග මෙන්ම මුහුදු කොල්ලකරුවන් හා චීන නැව් ගැන විමර්ශනයේ යෙදීමට මෙම ඔත්තු බැලීමේ යානා යොදවා ඇත. මත්තල ගුවන්තොටුපළට මෙයට පෙර ඇමරිකානු කිසිදු ඔත්තුබැලීමේ යානාවක්‌ පැමිණ නැත.

Saturday, December 17, 2016

Written on

විල්පත්තුවේ තවත් අක්කර 600ක් දේශපාලකයෙක් බලෙන් අල්ලාගනී

ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයකු විසින් විල්පත්තු වනෝද්‍යානයට උතුරේ ඇති වනාන්තර ඉඩම් අක්කර 600ක පමණ ප‍්‍රමාණයක් එලි පෙහෙලි කරමින් සිටින බව වාර්තා වෙයි.

මන්නාරම-සිලාවතුර මාර්ගයේ 34 වැනි සැතපුම් කණුව අසල ප‍්‍රදේහයන් මෙසේ එළි පෙහෙලි කරමින් තිබේ.

පොලිස් නිලධාරීන් මෙම ස්ථානයට ගිය පසු අදාල දේශපාලඥයා විසින් ලියවිල්ලක් පෙන්වීමන නිසා පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.

Friday, December 16, 2016

Written on

කන්ඡායුධ: ශ්‍රී ලංකාවේ දැවැන්තම භූමිකා නිරූපණ ක්‍රීඩාව

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත කථා පුවතක් අනුව නිර්මාණය කෙරුණු 'කන්ඡායුධ' නම් පරිගණක ක්‍රීඩාව මේ දිනවල ශ්‍රී ලංකික සමාජ ජාල වෙබ් අඩවිවල සංවාදයට බඳුන් වී පවතී.

ශ්‍රී ලාංකික තරුණයන් 25 දෙනකුගේ නිර්මාණයක් වන මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන් පමණයි.

ඩේලි මිරර් පුවත්පතට අනුව 'කන්ඡායුධ' ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම භූමිකා නිරූපණ පරිගණක ක්‍රීඩාවයි.

Wednesday, December 14, 2016

Written on

ජවිපෙ දෙවැනි කැරැල්ල

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත 'ජවිපෙ දෙවැනි කැරැල්ල' කෘතිය එළි දැක්වීම දෙසැම්බර් 20 වැනි අඟහරුවාදා සවස තුනට කොළඹ 05 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.

වසර 27කට පෙර පැවති ජවිපෙ දෙවැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට විෂය වන අතර එය පිටු 880කින් සමන්විතය.   ඡායාරූප 1289ක් ඇතුළත්ය.   ජවිපෙ දෙවැනි කැරැල්ලෙන් ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813ක් බව කතුවරයා කියයි.

Tuesday, December 13, 2016

Written on

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මහින්දට දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී එම දිස්ත‍්‍රික් සන්ධාන ලයිස්තුවේ මීලගට සිටින ශාන්ත බණ්ඩාරට ඉඩ දිය යුතු යයි නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.
Written on

ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් - නාවික හමුදාපති

නෞකාව මුදා හැරීම නිසා ජාත්‍යන්තර සමුද්‍රීය නාවික සංවිධානයෙන් මට සහතිකයක් ලැබුණා
මෙරටට එන නැව් ගැන මට වගකීමක් තියෙනවා
මට දේශපාලනයක් නෑ; මම අණ පිළිපදින්නෙක්

හම්බන්තොට මාගම් රුහුණුපුර වරායේ පසුගිය සෙනසුරාදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණ මණ්ඩලයේදී තමන් වැරදිකරු කරන්නේ නම් නාවික හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදියාට පහර දුන් බව පවසමින් එම ස්ථානයේ ඇතිව තිබූ බියකරු තත්ත්වය වාර්තා නොකිරීම කනගාටුදායක බවත් විජේගුණරත්න මහතා පැවැසීය.

Wednesday, December 7, 2016

Written on

'Adam’s Peak' ශ්‍රීපාදය වෙයි

ගූගල් සිතියමේ ලංකාවේ නගර සිංහලෙන් පෙන්වයි

ඉංග්‍රීසියෙන් 'Adam’s Peak' යන්න  ගූගල් සිතියමේ සඳහන් කර තිබූණූ  ශ්‍රීපාදය සිංහලයෙන් 'ශ්‍රීපාදය' ලෙස නම්කොට වෙනස්කර ඇති බව මේ වන විට දක්නට ලැබෙනවා.

'Adam’s Peak' ශ්‍රී පාදය කරගැනීම සඳහා ගූගල් ආයතනය දැනුවත්  කිරීමේ වැඩපිළිවෙළක් අන්තර්ජාලය හරහා දීප ව්‍යාප්ත ලෙස පසුගිය කාලයේ කටුයුතු සිදුකරමින් තිබුණි.

Monday, December 5, 2016

Written on

පොලිස්පති කතාවේ ඇත්ත නැත්ත

අත්අඩංගුවට නොගන්නා බවට පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රතිඥා දුන් 'නිලමේ' නම් පුද්ගලයාට එරෙහිව බරපතල දූෂණ චෝදනා යටතේ පොලිස් විමර්ශන පැවැත්වෙන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

එදින පොලිස්පතිවරයා 'සර්' නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකට යයි විශ්වාස කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය.


පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව සඳහන් කරන දූෂණ විරෝධී පෙරමුණ, ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් 'යහපාලන රජය එළිපිටම හොරු රකින බව' හෙළිවී ඇතැයි අවධාරණය කරයි.