Saturday, November 26, 2016

Written on

ඌරකු සමඟ බැංකු ගිය නළුවෙක්

බැංකුවක ස්වයංක්‍රීය මුදල් නිකුතු යන්ත්‍රයක් අසළ වූ දිගු පෝලිමක, සියතින් ගත් ඌරු පැටවකු සමග රැඳී සිටි දකුණු ඉන්දීය නළුවකු අද (නොවැ. 24) මාධ්‍යවල ඇස ගැටිණි.

තෙළිඟු නළුවකුවන රවි බාබු පැවසුවේ මෙම ඌරු පැටවා සිය මීළඟ චිත්‍රටයේ රඟන බවය.
'කළු සල්ලි' මැඩීමේ ඉන්දීය රජයේ නව ප්‍රතිපත්තියට අනුව ඉන්දීය රුපියල් පන්සියය හා දහසේ නෝට්ටු අවලංගු කිරීමත් සමග බැංකු අසළ දිගු පෝලිම් පැවැතීම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයකි.

එවැනි එක් පෝලිමක රැඳී සිටි චිත්‍රපට නළු රවි බාබු, "ඌරු පැටියාව අරගෙන පරිගණක ග්‍රැෆික් විද්‍යාගාරයකට යමින් සිටින අතරේදියි මට තේරුණේ වාහනයේ තෙල්වලට අවශ්‍ය මුදල් මා ළඟ නැති බව" යනුවෙන් 33000 සමග පැවසීය.

Wednesday, November 23, 2016

Written on

සිසුවිය විකුණූ ගුරුවරිය අත්අඩංගුවට

යුක්‍රේනයේ දහතුන් හැවිරිදි දැරියක විකිණීමට උත්සාහ කළ ගුරුවරියක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය පවසයි.

නැගෙනහිර යුක්‍රේනයේ හර්කිෆ් නගරයේ පිහිටි අනාථ නිවාසයක විසූ එම දැරිය නේවාසික පාසලක ඉගනුම ලබමින් සිටියදීයි ගුරුවරිය විසින් ඇය ඇමරිකානු ඩොලර් දස දහසකට අලෙවි කිරීමට උත්සාහ දරා තිබෙන්නේ.

Saturday, November 19, 2016

Written on

ශ්‍රී ලාංකිකයන් තිස්දෙදෙනෙක් ISIS සටන් බිමේ - විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලාංකික පවුල් හතරකට සම්බන්ධ 32 දෙනෙකු සිරියාවට ගොස් ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය කැරලිකාර සංවිධානයට සම්බන්ධ වී තිබෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඔවුන් සියලු දෙනා සාමාන්‍යයෙන් උගත් සහ වැදගත් ලෙසින් සමාජයේ සම්මත පවුල්වල සාමාජිකයන් බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

Friday, November 18, 2016

Written on

නව නිකායක් බිහිවෙන සුදානමක්

පසුගිය සමයේ හුදෙකලාව විවිධ ක‍්‍රියාකාරකම්වල යෙදුණු භික්ෂු සංවිධාන රැසක් එකට එක් වී වෙනම නිකායක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම භික්ෂු සංවිධාන පසුගිය සමයේ රට, ජාතිය සහ ආගම පිළිබද ජනතාව අවදි කරමින් එකම මතයක් නියෝජනය කළ කණ්ඩායම බව සදහන්.

එලෙස හුදෙකලා සටන්වල නිරත වීමෙන් ලබා ගන්නා ප‍්‍රතිඵලයට වඩා එකට එක්ව නව නිකායක් ප‍්‍රකාශයට පත්කොට සිය මතවාදය ඉදිරියට ගෙන යාමටයි මෙම භික්ෂු සංවිධාන තීරණය කර ඇත්තේ.
Written on

[Breaking News] ජාලිය වික්‍රමසුරිය අත්අඩංගුවට

Update 10:09pm
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Thursday, November 17, 2016

Written on

ට්‍රම්ප් පවුල ගැන මේ කරුණු දැන සිටියාද?

01. බැරන් ට්‍රම්ප් : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් විවාහක බිරිඳ මෙලනියාට දාව උපන් එකම දරුවා බැරන් ට්‍රම්ප්. බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ පෙනී නොසිටි දස වන වියේ පසුවන බැරන් සිය පියාගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙනී සිටියේ ඉතාමත් සුළු වශයෙනි. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ඔහුට සිය මවගේ මව් භාෂාව වන ස්ලෝවෙනියානු භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි බව පැවසේ.

02. මෙලනියා ට්‍රම්ප්: හිටපු නිරූපන ශිල්පිනියක වන මෙලනියා ට්‍රම්ප්ගේ උපන් රට ස්ලෝවෙනියාවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් හා විවාහ දිවියට ඇතුළත් වූයේ 2005 වසරේදී. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කාන්තාවන් අලලා සිදු කරන ලද අසැබි ප්‍රකාශන දැක්වෙන වීඩියෝවක් ඡන්ද ව්‍යාපාරය අතරතුර මධ්‍යයේ පළ වූ අතර එහිදී ඇය සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පෙනී සිටියාය. රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය අමතමින් මෙලනියා, මිෂෙල් ඔබාමාගේ දේශනයක් ව්‍යාජ ලෙසින් අනුකරණය කළ බවට එල්ල වූ චෝදනා ලොව පුරා පුවත් සිරස්තල අතරට එක්විය.

Tuesday, November 15, 2016

Written on

අයවැය 2017






රවී ගෑස් බස්සයි
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 අය වැයෙන් ගෑස්, පරිප්පු, මුං ඇට සහ සුදු සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට යෝජනා කර තිබේ.

- මුදල් ඇමති රවි කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය කතාව Click here >>


- ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ. 


- අධිවේගී මාර්ගයේ ගාස්තු රාත්‍රී නවයේ සිට උදෑසන පහ දක්වා රුපියල් 50කින් අඩු කෙරේ. 


- මුං ඇට කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරේ. පරිප්පු රුපියල් 10කින් ද, හාල්මැස්සන් රුපියල් පහකින් ද, සුදු සීනි රුපියල් දෙකකින් ද, භූමිතෙල් රුපියල් පහකින් ද, ගෑස් රුපියල් 25කින් අඩු කෙරේ. 

Monday, November 14, 2016

Written on

විනිසුරුවරියක් දුමින්ද සිල්වා හමුවීම ආචාර ධර්මවලට පටහැනියි

විනිශ්චයකාරවරියක මරණ දඬුවමට ලක් කර සිටින පුද්ගලයකු හමුවීමට යාම සිය වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමය පවසයි.

එහි සම කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ ඒ බව කියා සිටියේ විනිසුරුවරියක මරණ දඬුවමට ලක් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරයට යාම පිළිබඳව 33000 සමග අදහස් දක්වමිනි.

නඩු විභාගයක් සඳහා බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ විනිසුරුවරියක දුමින්ද සිල්වා හමු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය 33000 කළ විමසීමකදී තහවුරු කළේය.
Written on

රංගන හේරත් ලොව දෙවැනි දක්ෂතම පන්දු යවන්නා

සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වූ රංගන හේරත් ලොව පන්දු යවන්නන් අතරින් දෙවැනි ස්ථානයට පත් වී සිටී.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකේදී ලකුණු 152 කට කඩුලු 13 ක් දවාගැනීමට නායක රංගන හේරත් සමත්විය.

රංගන හේරත් මීට ඉහතදීත් ලොව දෙවැනි දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරී තිබෙන නමුත්, සිය ක්‍රීඩා දිවිය තුල ඉහලම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 867 ක් ඔහු මෙවර රැස් කරගෙන සිටියි.

Saturday, November 12, 2016

Written on

[VIDEO] ජෝන්ට ආයෙත් හු කියයි

වැලිසර මහබාගේ ගල් උඩුපිට ප්‍රදේශයේ තිබෙන ක්‍රීඩාංගනයක වත්තල ප්‍රාදේශීය ලේක්ම් කාර්යාලය මඟින් රුපියල් ලක්ෂ 25ක වියදමින් පොදු කටයුතු ගොඩනැගිල්ලක් වැඩ ආරම්භ කරීම අද සිදුවුණා.

ඒ ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ප්‍රදේශවාසීන් විරෝධය පළ කරමින් හූ කියමින් තම ප්‍රතිචාරය දැක්වුවා.
Written on

ලෝක ශූරතා කැරම් බලාපොරොත්තු බිඳ වැටෙයි

කැරම් ලෝක ශූරතා තරගාවලියේ පිරිමි කේවළ ඉසව්ව පිළිබඳ ශ‍්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු අද (11) පස්වරුවේ බිඳ වැටුණා. ඒ, අවසන් පූර්ව වටයේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ක‍්‍රීඩකයින් තිදෙනා පරාජය වීමත් සමගයි.

චමිල් කුරේ මෙහි දී ඉන්දීය ක‍්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වුණා. නිශාන්ත ප‍්‍රනාන්දුට සහ ශෙරිෆ් ඩීන්ට ද අර්ධ අවසන් පූර්ව වටයේ දී අත්වූයේ පරාජයන්. තමන් සහභාගී වූ තරගයේදී අසාධාරණයක් වූ නිශාන්ත ප්‍රනාන්දු 33000 වෙත කියා සිටියා. ඒ පිළිබඳ අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Wednesday, November 9, 2016

Written on

හුනුවටය නාට්‍යය උතුරේ දෙමළෙන් පෙන්වයි

හුනුවටය සිංහල වේදිකා නාට්‍ය දෙමළ බසට පරිවර්ථනය කර 'වෙන්කට්ටි වට්ටම' නමින්  උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි  ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා කියයි.

එම නාට්‍ය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එලෙස කීවේය.

‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කොට එය උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා එම පළාත්වල ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම  සංහිදියාව  ගොඩනැංවීමට  වඩා වැදගත්. හුණුවටය වේදිකා නාට්‍ය 'වෙන්කට්ටි වට්ටම්' ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කළේ කුලදේ ෂන්මුගලිංගම් නම්  නාට්‍යකරුවෙක්. ‘‘ 
Written on

ලොව බලවත්ම පුටුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට

ඡන්ද කොට්ඨාස 270 සම්පුර්ණ කරමින් ඇමෙරිකා ජනාධිපතිවරණය ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වෙයි.

දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන 276ක් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.


ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය කිරීමට හැකී වී ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.තවත් ඡන්ද කොට්ඨාස 40ක පමණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතය.