Thursday, April 21, 2016

Written on

මැතිවරණයෙන් පසු හෙලිකොප්ටරයෙන් යන විටත් ජනපති මමයි - මහින්ද

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ සිය ප්‍රතිවාදියාට කැමති ආරක්ෂක භටයන් තෝරාගෙන හෙලිකොප්ටරයෙන් ගමට යාමට අවසර දුන් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරන ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි. 

මැතිවරණයෙන් පරාජයට පත් වී අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යන අවස්ථාවේත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවිය හෙබැවූයේ තමන් බවයි ඔහු අවධාරණය කරන්නේ. ජනපතිවරණයෙන් ජය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඒ අවස්ථාවේ සොයා ගත නොහැකි වූ බැවින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිය ආරක්ෂාව ඇතුළු කරුණු තීරණය කළ බවත් හිටපු ජනාධිපතිවරයා 33000 සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 

 "ඔයා දන්නේ නෑනේ? මම හෙලිකොප්ටරෙන් යනකොට ප්‍රතිඵල ඇවිල්ලත් නෑනේ? ," හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ 330000 මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාරය පළ කරමින්. 
Written on

අයිපීඑල් තරඟ වැදීමට ලසිත් මාලිංග ඉල්ලීමක් කර නෑ

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීගයට තරඟ වැදීම සඳහා අවසර දෙන මෙන් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග මෙතෙක් ඉල්ලීමක් කර නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 

එසේ තරඟ වැදීමට අවශ්‍ය නම් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට ක්‍රිකට් බලධාරීන් කළ නිවේදනය ප්‍රකාර ඔහු සිය ආබාධිත තත්වය පිළිබඳව බදාදා විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසීය.