Wednesday, February 24, 2016

Written on

[VIDEO] දුම්රියේ නොගැටී බේරුණු පුද්ගලයෙක්

හිටපු මහින්ද රාජපක්ෂ මහතා 20 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දුම්රිය මාර්ගයක් හරහා මගී වේදිකාව වෙත යෑමට උත්සාහ කළ පුද්ගලයකු දුම්රියේ නොගැටී දිවි බේරා ගන්නා ආකාරය ආරක්ෂක කැමරාවල (CCTV) සටහන් වී ඇත. 

පෙබරවාරි 09 වන දින සිය ආරක්ෂක කැමරාවල පටිගත වී තිබූ ඉහත කී දර්ශන ප්‍රකාශයට පත් කොට ඇත්තේ 'වී ලයින්' නමැති මහජන මගී ප්‍රවාහන ආයතනය විසිනුයි. 

වීඩියෝ දර්ශන ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ මගී ප්‍රවාහන ආයතනය දුම්රිය මාර්ග මත ඇවිද යෑමේ අවදානම පිළිබඳ අනතුරු හඟවා සිටියි.
Written on

සිල්බිඳගත් නදීෂා නවක නිළියන්ට රංගනය එපා කරවූ හැටි

සිල්බිඳගත් වීඩියෝවේ රංගනය වෙනුවෙන් නදීෂා හේමමාලිට එල්ල වූ චෝදනා හේතුකොටගෙන ඇතැම් නවක නිළියන් රුප රචනා වලට පෙනී සිට්මට බියක් දක්වන බව දැනගන්නට ලැබුණි. 

පසුගිය දිනක සුනිල් ටි ප්‍රනාන්දුගේ ප්‍රකට ගීත රචකයෙකුගේ ගීතයක් රුප රචනය වූ අතර ඒ සදහා සහභාගී වූ නවක නිළිය රුප රචනයට පෙර එකඟ වූ දර්ශන රුප රචනය කරන අතරතුරේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. 
Written on

පිල්ලෙයාන් යළිත් රක්ෂිතයට

හිටපු මහින්ද රාජපක්ෂ මහතා 20 නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු මස 9 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජ සිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වන දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. 

Monday, February 22, 2016

Written on

[VIDEO] තමන් එක්ක ඉන්න අයට වෙනදේ මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේම කියයි

හිටපු මහින්ද රාජපක්ෂ මහතා 20 උදේ ජගත් කුමාර මහතාගේ ගෙදරට ගිහින් තියෙනවා. ඒ දළදා මාළිගාවේ ඉදිරිපිට සිදුවුනු ගැටුම ගැන විමසලා බලන්න. 

ඊට පස්සේ නිවසින් එළියට එනකොට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට මහින්ද රාජපක්ෂ පිළිතුරු දීලා තියෙනවා. 

ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා කියලා තියෙනවා තමන් එක්ක ඉන්න අයට ගුටිකන්න හරි හිරේ යන්න වෙනවා කියලා. 
Written on

HIV රාවයක් නිසා දරුවාට පාසලක් නැහැ

ටෙම්බෙකා, දකුණු අප්‍රිකාවේ පිටිසර බද ගමක වෙසෙන 12 හැවිරිදි දැරියක්. ඇගේ මාපියන් ඒඩ්ස් රෝගයෙන් මියගිය නිසා වයස අවුරුදු දහයේ, හයේ හා හතරේ පසු වන ඇගේ නැඟණියන් තිදෙනා රැක බලා ගන්නට සිදු වූයේ ඇයටයි. 

" ආදායම් මාර්ගයක් නැති එම දැරියන්ට ජීවත් වෙන්නට සිදු ව ඇත්තේ අසල්වැසියන්ගේ පිළිසරණෙන්... ඔවුන් ලබා දෙන පාන් රාත්තලක්, අල ටිකක් වැනි දේවලින් " යැයි පුවත්පත් වාර්තාකරුවකු පැවසුවේ දෙදහස වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවති 13වන ජාත්‍යන්තර ඒඩ්ස් සම්මන්ත්‍රණයේ දීයි. 

දකුණු අප්‍රිකා ජනතාව එච්අයිවී ආසාදිතයන් සමඟ අන්‍යෝන්‍ය සහයෝගයෙන් සාමාන්‍ය සමාජයේ දිවි ගෙවීම පිළිබඳ සමස්ත ලෝකයට ම වැදගත් පාඩමක් ඉන් උගන්වන අයුරුයි අපට මේ කතාවෙන් ඉඟි කෙරෙන්නේ. එච්අයිවී ආසාදිතයන් කොන් නොකොට තමන් වෙසෙන සමාජයේ ඔවුනට ද දිවි ගෙවීමට අයිතියක් පවතින බවට අපට පසක් කර දෙන්නට මේ කතාව සපයන්නේ නොමඳ දායකත්වයක්. 

Tuesday, February 16, 2016

Written on

වතුකරයේ නීති විරෝධී ගබ්සා ජාවාරමක්


වතුකරයේ ගැබ් ගත් කාන්තාවන් නීති විරෝධී ලෙස ගබ්සා කිරීම් වලට ලක් කිරීමේ ජාවාරමක් පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු අනතුරු හඟවති. 

වතුකරයේ කාන්තාවන් ඉලක්ක කොට ගබ්සා සිදු කරන බව සඳහන් කාඩ් පතක් නුවරඑලිය කොට්ටගල ප්‍රදේශයේ බෙදා හැර ඇති බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනත් අබේරත්න පැවසුවේය. 

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අනුදැනුමකින් තොරව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ගැබ් ගත් කාන්තාවන් ගබ්සා කිරීම් සඳහා යොමු කරන බවයි ඔහු කියා සිටියේ. 

නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන පිළිබඳ රටේ නන් දෙසින් තොරතුරු වාර්තා වුවත් ප්‍රචාරයක් ලබා දෙමින් පවත්වාගෙන යනු ලබන ගබ්සා මධ්‍යස්ථානයක් පිළිබඳ අසන්නට ලැබුණේ පළමු වතාවට යැයි ඔහු පැවසීය. 

Monday, February 15, 2016

Written on

[PHOTOS] ඇමරිකාවේ සුන්දරත්වයේ වෙනස මෙන්න


සැබෑ ඇමරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම දම් පැහැ ලිලැක් මල් ගොන්නක් මත හිඳින මේ කාන්තාවන් නිරුවත්ව පෙන්වන්නේ ඔවුන්ටම ආවේණික සුන්දරත්වයයි. 

සැබෑ අමෙරිකානු සුන්දරත්වය රැඳී තිබෙන්නේ විවිධ හැඩයන්, ජන කණ්ඩායම්, ප‍්‍රමාණයන් සහ වයස්වලින් බව පෙන්වීම මෙම ඡායාරූප ලබාගැනීමේ අරමුණ වී ඇත. 

සැන්ෆ‍්‍රැන්සිස්කෝවෙහි වෙසෙන ඡායාරූප ශිල්පියකු වන කැරී ෆ‍්‍රෑත් විවිධ කාන්තාවන් 14 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගනිමින් මේ බව තහවුරු කරන්නට උත්සහ දරා ඇත. 
Written on

යෝෂිතට සහාය දුන් නාවික රග්බි ක්‍රීඩකයන් 4කට තරග තහනමක්

නාවික හමුදා රග්බි කණ්ඩායමේ හිටපු නායක යෝෂිත රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා අත්පටි පැළඳ ක්‍රීඩා කළ නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර දෙනාට තරග තහනමක් පැනවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි පවසයි. 

" නාවික හමුදාව මේ ක්‍රීඩකයන් විනය පරීක්ෂණයකට ලක් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රීඩකයන් හතර දෙනා තරග තහනමකට ලක් කළා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ නිම වනතුරු මෙම තරග තහනම බලපැවැත්වෙනවා " නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය. 

ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව අතර හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ඊයේ (14) පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරගයක දී නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු තම කණ්ඩායමේ හිටපු නායකයාට සහයෝගය දැක්වෙන අත්පටි පැළඳ ක්‍රීඩා කළ බවටයි වාර්තා පළ වී තිබුණේ. 
Written on

අයින්ස්ටයින්ගේ තවත් සොයාගැනීමක් තහවුරු වෙයි

ඇපල් ගෙඩියක් බිමට වැටෙන හැටි අමුතු විදියට දැකපු අමුතු මිනිසෙක් ගුරුත්වාකර්ෂණය කියල අමුතු දෙයක් ගැන කතා කළේය. අයිසැක් නිව්ටන් පොළොව මත දුටු දේ ඊට සියවස් දෙකකට පසු අයින්ස්ටයින් විශ්වයේ සොයන්නට විය. 

අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය බිහි කරමින් එය සනාථ කිරීම සඳහා, විශ්වයේ ඇති වන ගුරුත්වාකර්ෂණ රැළි ගැන අනාවැකි පළ කළේය. නමුත් මෙහිදී ඔහු කී එක දෙයක් වැරදුණි. මේ ගුරුත්වාකර්ෂණ රැළි මිනිසාට දැක ගන්නට නොලැබෙනු ඇති බවයි ඔහු පවසා ඇත්තේ. 

ඒත් ඒ රැළි නිරීක්ෂණය කරන්නට අද මිනිසා සමත් වී තිබේ. දැන් එය අනාවැකියක් පමණක් නොවේ. එහි පැවැත්ම සනාථ වී හමාරයි. මිනිස් මොළයෙන් නිපැයුණු අතිශය සංවේදී උපකරණවලට පසුගිය දා ශබ්ද සඥාවක් ග්‍රහණය විය. එහි රූපය තිරයේ සටහන් විනි. ඒ ගුරුත්වාකර්ෂණ රැල්ලක් මිනිසා දුටු ප්‍රථම වතාවයි. 
Written on

ඉන්දියාවට කඩුලූ 9 ක ජයක් - ඉන්දියාව අංක 1ට එයි

විස්සයි:20 අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමි ශී‍්‍ර ලංකාවට නොවන තමන්ට බව ඔප්පු කර පෙන්වූ ඉන්දියානුවෝ විශාකාපට්නම්හිදී ඊයේ (14 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි:20 තරගයේදී කඩුලූ 9 ක පහසු ජයක් වාර්තා කළහ. 

මෙම ජයත් සමගින් නැවත වරක් වි:20 අන්තර්ජාතික තරග ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානය තහවුරුකර ඉන්දියානුවෝ ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි 3 වැනි තැනට ඇද දැමූහ. ලකුණු 83 ක පහසු ඉලක්කය ඕවර 13.5 කදී ලබාගත් ඉන්දීය පිතිකරුවෝ ඉනිමේ පන්දු 37 ක් ඉතිරි කළහ. 

ෂිකාර් ධවාන් පන්දු 46 කදී නොදැවී ලකුණු 46 ක් ලබාගත් අතර අජින්ක්‍යා රහනේ පන්දු 24 කදී ලකුණු 22 ක් ලබාගත්තේය. කෙසේ වෙතත් මෙම තරගයේදී ලැබුණු විනිසුරු තීරණ සම්බන්ධයෙන් තමන් ඉතාමත් කණගාටුවට පත්වන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වූ සනත් ජයසූරිය මහතා ‘ටිවිටර්’ පණිවුඩයක සටහන් කර තිබිණ.

Sunday, February 14, 2016

Written on

[VIDEO] ඉන්දියාවේ ලිංග මාරුවූ පිරිසක් සංගීත කණ්ඩායමක්

ලිංගික විපර්යාසවලට ලක් වූ පිරිසක් එක්ව ‘ සික්ස් පැක් ’ ලෙස සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා. 

හය දෙනෙක් ගෙන් සමන්විත මෙම කණ්ඩායම එළිදැක්වූ පළමු ගීත නිර්මාණය වන්නේ Hum Hain Happy ගීතයයි. 

ඉන්දියාවේ ජීවත් වන ලිංගික විපර්යාසවලට ලක් වූ පිරිසක් එක්ව ‘ සික්ස් පැක් ’ ලෙස සංගීත කණ්ඩායමක් පිහිටුවාගෙන තිබෙනවා. 
Written on

අපේ ධීවරයින් ඇල්ලීම වහා නතර කළ යුතුයි - ජයලලිතා

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට පියවර ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ මෙම ගැටළුව සඳහා කඩිනම් විසඳුමක අවශ්‍යතාව දැඩිව පවතින බවයි. 

මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින් අඛණ්ඩව අත්අඩංගුවට ගැනීම අවාසනාවන්ත සිදුවීමක් බව අමාත්‍යවරිය පවසා ඇත. 

Tuesday, February 9, 2016

Written on

ඔයා තොල් සිපගෙන නැද්ද යුරේනි ? - ඉරාජ්

මම තොලක් දැකලවත් නෑ ඉරාජ් 
- යුරේනි 
ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය දා මියුසික් වීඩියෝවක් පළකිරීමෙන් පසු වැඩි දෙනා කතා බහ කරපු චරිතයක්නේ. 

වැඩි වශයෙන්ම කතාබහ කළේ එයාගේ " මම සිල් බිඳගත්තේ " ගීතයේ වීඩියෝව ගැන තමයි. 

කොහොම හරි ඒ මියුසික් වීඩියෝව මේ වන විට කොයි කවුරුත් බලලා තියෙනවානේ. ඔන්න දැන් කියන්න යන්නේ ඉරාජ් වීරරත්න නිසා ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වන යුරේනි නොෂිකාට සිද්ධ වුණු සිදුවීමක් ගැනයි. 
Written on

ඉතිහාසයේ මුල්වරට සක‍්‍රීය හමුදා ප‍්‍රධානියෙක් පාර්ලිමේන්තුවේ

ෆොන්සේකා එජාප මන්ත‍්‍රී ලෙස දිවුරයි
ප‍්‍රජාතන්ත‍්‍රවාධී පක්ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 

හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ හදිසි අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට ඊයේ දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එකඟවිය. 

Monday, February 8, 2016

Written on

[VIDEO] සනී ලියොන්ගේ බිකිණි ගැලවෙයි

සනී ලියෝන් කියන්නේ ඉන්දියාවේ ඉන්න සරාගීම සුරූපී කාන්තාවක්වේ. එයා පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි වලට රංගනයෙන් දායක වීම නිසා. 

හැබැයි කොහොම හරි දැන්නම් සනී ලියෝන් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිවල රඟපාන්නේ නෑ කියලා තමයි ආරංචිය. එකේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නෑ. කොහොම හරි ඔන්න දැන් අපි කියන්න යන්නේ වෙන කතාවක්. 

 ඒ තමයි සනී ලියෝන් ද්විත්ව රංගනයෙන් දායක වන චිත්‍රපටියක් තිරගත වීමට නියමිත බව කොයි කවුරුත් දන්න කාරයක්නේ. ඒක තමයි Mastizaade කියන චිත්‍රපටිය කොහොම හරී සනී ලියෝන් ඒ චිත්‍රපටියේ බිකිණි ඇඳගෙන ඉන්න රූපරාමු තියෙනවා. 
Written on

චීන යානයක් මත්තලින් තෙල් ගහගෙන යයි

චීනයේ ‍බීජීං ගුවන්තොටුපළේ සිට මොරිස් දිවයින කරා පියාසර කරමින් සිටි බී.737-700 වර්ගයේ ගුවන් යානයක් ඉන්ධන ලබාගැනීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපළට ඊයේ (7දා) පැමිණි බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කළමනාකරු කීය. 

ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබාගෙන ගුවන් යානය යළි මොරිස් දිවයින කරා පියාසර කිරීම සිදුවිය. ඉන්ධන ලබාගැනීම සඳහා මේ ආකාරයෙන් මසකට ගුවන් යානා කිහිපයක් මත්තලට පැමිණෙන බවද සඳහන්වේ. 
Written on

යෝෂිතගේ දුරකථනය ගැන සොයයි

බන්ධනාගාරගතව සිටින යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරය තුළ ජංගම දුරකථනයක් භාවිත කරන බවට ලැබී තිබෙන තොරතුරක් ඇත.

ඒ මත ඒ පිළිබඳව වහාම සොයාබලන ලෙසට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ. 

Friday, February 5, 2016

Written on

ඉරාජ්ට බැණපු අය දැන් හොඳ කියයි

ඉරාජ් වීරරත්න කියන්නේ කවුද කියලා කොයි කවුරුත් දන්නා කාරණයක්නේ. එයා මෑත කාලයේ නම් ප්‍රසිද්ධ වුණේ " මම සිල බිඳගත්තේ " ගීතයෙන්. 

ඒ ගීතයේ වීඩියෝව නිසා තමයි ඉරාජ් ගැන කතා කරන්න ගත්තේ ගොඩක් අය. ඔන්න දැන් ඒ ගීතයෙන් පස්සේ ඉරාජ් තවත් පෙරළියක් කරලා. 

ඒ මොකක්ද දන්වාද? පසුගිය දා පැවති 68 වන නිදහස් දින සැමරුම් දිනය දා තවත් ගීතයක් පිට කළා. ඒ ගැනත් දැන් දැන් කට්ටිය කතාබහ කරන්න පටන් අරගෙන ඔන්න. ඒ ගීතයේ ඇති වීඩියෝවෙන් නම් ටිකක් හොඳ අදහසක් සමාජයට දෙන්න ට්‍රයි කරලා තියෙනවා. 
Written on

[Update] සිසිලියා රෝහල්ගත කෙරේ

Update 2:20pm
අත්අඩංගුවට ගැණුනු සිසිලියා කොතලාවල මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. 

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලිලිත් කොතලාවල මහතාගේ බිරිද වන සිසිලියා කොතලාවල මහත්මිය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ. 

Thursday, February 4, 2016

Written on

සිසිලියා කොතලාවල අත්අඩංගුවට

Breaking News 10:03pm
සෙලින්කෝ සමූහ යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිය වන සිසිලියා කොතලාවල කටුනායක දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල වාර්තා සඳහන් කරයි. 

ගෝල්ඩන් කී සමාගම බිඳ වැටීමෙන් පසු එහි තැන්පත්කරුවන් ස්ථිර තැන්පත් ඉල්ලද්දී ඇය ලංකාවෙන් පළා ගිය බව පොලිසිය කියයි. 

ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය වරෙන්තු ද නිකුත් කළේය. 
Written on

ජාතික ගීය නිදහස් උලෙලේදී දෙමළ බසින් ගැයේ

68 වැනි ජාතික නිදහස් දින සැමරුමේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණා. 

ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැති ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවය නිමා කරමිනි. 

ජාතික නිදහස් දින රාජ්‍ය උත්සවයේදී ජාතික ගීය මෙවරද පෙර පරිදි සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරන්නේද, නැතහොත් සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ගායනා කෙරෙන්නේ දැයි සංවාදයක් පසුගිය දින කිහිපයේ සිට පැවතුනා. 

Tuesday, February 2, 2016

Written on

යෝෂිත සීඑස්එන් සභාපති බව හෙළි වුනා - පොලිසිය

සිය පුතකු අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වන නමුත් යෝෂිත රාජපක්ෂ සීඑස්එන් සමාගමේ සභාපතිවරයා බව පැහැදිලි ලෙස අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පුතුන් සීඑස්එන් සමාගමේ ප්‍රධානීන් නොවන බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග දිගින් දිගටම අවධාරණය කළත්, යෝෂිත රාජපක්ෂ සමාගමේ සභාපතිවරයා වශයෙන් තීන්දු තීරණ ගත් බවට සාක්ෂි ලැබී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.


යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග ඇතුළු පිරිසක් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කරුණු දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඉරිදා නිකුත් කළ නිවේදනයකයි, ඒ බව සඳහන් වෙන්නේ.

Monday, February 1, 2016

Written on

තිස් තුන්දාහා නැවත ආරම්බ කර වගයි !

විවිධ බාධක හමුවේ හැප්පෙමින් ගැටෙමින් සිටි 33000 අපි නැවතත් ඔබ වෙනුවෙන් පැමිණීමට තීරණය කල වගයි. ගරා යමින් පවතින අප සමාජයේ මාධ්‍ය සංස්කෘතිය නගා සිටවූ අපිට එය කඩා වැටෙමින් යන සැටි නිහඩව බලා සිටියේ නැත. ඒ සදහා උත්තර ලබා දීමට අප නැවත පැමිණ ඇත.

අපගේ නවතම ලිපිනය වනුවේ 33000.tk ලිපිනයයි. ඔබට හැකි පමණින් මෙය තිස් තුන්දහා ප්‍රේක්ෂකයින් අතර බෙදා හරින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. තිස් තුන්දාහා අරමබයේ සිටම අප හා රැදෙමින් සිටි ඔබ හට එදා ලෙසම අකණ්ඩව පුවත් සැපයීමට අපි පොරොන්දු වෙමු.