Thursday, December 29, 2016

Written on

මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු

මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

පාසල්,දේවාල හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් බලපත්‍ර අලුත් නොකරන ලෙසත් ඔවුහු ජනපතිට ලියු සංදේශයක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිරිනේසන් හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් මීට එක්වූහ.










-Lankadeepa