Tuesday, December 27, 2016

Written on

[VIDEO] මගීන් 154දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

Breaking News 12:05pm
ඉන්දියානු ගුවන් සේවා සමාගමක් වන ජෙට් එයාර්වේස් Jet Airways  ගුවන් සේවාවට අයත් යානය අද පාන්දර 5ට පමණ අනතුරකට ලක්වෙලා තිබෙනවා.

ඉන්දීය පුවත් වාර්තා කරන්නේ මගීන් 154ක් සහ කාර්ය මණ්ඩල නිලධාරීන් 7දෙනෙකු රැගත් ජෙට් එයාර්වේස් ගුවන් සේවයට අයත් 9W 2374 යානය මෙලෙස අනතුරට ලක්වූ බවයි.

යානය ගෝආ  සිට  මුම්බායි දක්වා පියාසර කිරීම සදහා යානය ගුවන් ගත වෙනවාත් සමග එකවර යානය ඇදේට ගොස් ගුවන් පථයෙන් පිටතට පැන විසිවී ගොස් තිබෙනවා.

අනතුරින් 15දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.