Saturday, December 31, 2016

Written on

අද මධ්‍යම රාත්‍රී 12ට ලොව පුරා ඔරලෝසු වල වේලාව වෙනස් වන හැටි මෙන්න

නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්ය බල කාලහෝරා යන්ත්‍රය ඇතුළු ලොව පුරා සියලූම කාලය මැනීමේ උපකරණවලට අද මැදියම් රැයේදී අමතර තත්ත්පරයක් එක් කෙරෙනවා. 

ඒ පෘථිවියේ භ‍්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.  තත්ත්පරයක කාලසීමාව විද්‍යාත්මක ගවේෂණයන්හිදී විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ. 

චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂය වටා ගමන් කිරීමේදී තත්ත්පරයෙන් දහසකින් එකක නිරවද්‍යතාවක් අපේක්ෂා කෙරෙනවා. 

මේ අනුව, 2016 වසර තත්ත්පරයකින් දිගු වන අතර, 2017 වසර උදාවීම තත්ත්පරයකින් පමා වනු ඇති.