Saturday, April 8, 2017

Written on

සයිටම් විරෝධතා වලට "ජන විරෝධයක් නැහැ"

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවත්වන විරෝධතා පිළිබඳව ජනතා විරෝධයක් නොමැති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති එකමුතුව අප්‍රේල් 07 කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර 33000 
 අදහස් දක්වමිනි.

"සමහර වෘත්තීය සමිති තියෙනවා ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගන්න පාරවල් වහන, අරගල කරන. එතකොට ජනතාව විරුද්ධයි. මේකට විරුද්ධ නැහැ. මොකද මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්" යනුවෙන් ඔහු පැවසීය.

Sunday, February 26, 2017

Written on

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී මහ බැංකුව නීති උල්ලංඝණය කරලා

පසුගිය සමයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ දී මහ බැංකුව නීති උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එවකට මුදල් අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් පිරිසක් මෙම ක්‍රියාවල නිරත වී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2015 ජනවාරි මස පළමු වැනි දින නිකුත් කර ඇති විශේෂ ගැසට් පත්‍රය මගින් ඒ පිළිබදව අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසයි.

Saturday, February 25, 2017

Written on

ඇඳුම් ගලවලා, ඇඳුම් පුච්චලා දික්කසාදය සමරපු අරුම පුදුම තරුණිය

විවාහය ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියක්. එය පිරිමි අයට වඩා  කාන්තාවකගේ ලොකුම හීනයක්.

විවාහය ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියක්. එය පිරිමි අයට වඩා  කාන්තාවකගේ ලොකුම හීනයක්.


බොහෝ කාන්තාවන් ඔවුන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරන්නේ අවුරුදු ගණනාවක ඉඳනුයි.

කෙසේ වුවත් තමන්ගේ විවාහ ඇඳුමට ගිනි තබලා සිය විවාහ දිවිය අවසන් කරපු කාන්තාවක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා වෙනවා.

Tuesday, January 3, 2017

Written on

වොක්ස්වැගන් කම්හලේ ඇත්ත සහ නැත්ත

අද කුලියාපිටියේ ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී යුරෝපානු වොක්ස්වැගන් සමාගමේ ඒජන්ත සමාගමක වාහන එකලස් කරන මධ්‍යස්ථානයකට මුල් ගල තැබෙයි.

යහපාලන මැතිවරණ ප්‍රචාරණයේ ප්‍රමුඛ පොරොන්දුවක් ඉටු කරන මේ අවස්ථාවට ජනපති හා අගමැති දෙදෙනාම සහභාගී වෙති.


ජර්මනියේ වොක්ස්වැගන් සමාගම යනු ටොයොටා හා ජෙනරල් මෝටර්ස් යන ප්‍රධාන සමාගම් දෙක සමග කරට කර තරග වදින ලෝක වාහන වෙළෙඳ පොළේ විශාලතම පංගු කරුවෙකි. 

Monday, January 2, 2017

Written on

ඩෙංගු මාරයා අගමැති ආරක්ෂක අංශ නිලධාරිනිය බිලිගනී

ඩෙංගු උණ රෝගය වැලඳීමෙන් අග්‍රාමාත්‍ය ආරක්‍ෂක අංශයට සම්බන්ධව සේවයේ නියුතු පොලිස් කාන්තාවක් මියගොස් ඇත.

මියගොස් ඇත්තේ හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එච්. චතුරිකා සෙව්වන්දි නමැති 22 හැවිරිදි අවිවාහක කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

ඩෙංගු උණ රෝගය වැලඳී කොළඹ, කළුබෝවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඉකුත් 28 දින ඇය මියගොස් ඇත.

Sunday, January 1, 2017

Written on

ලෝකය 2017 පිළිගනී


සැමෝවා - ටොන්ගා සහ කිරිබතී යන පැසිෆික් දිවයින් ග්‍රිනිච් වේලාවෙන් ඊයේ දහවන පැයේ සිට නව අවුරුදු උදාව සැමරූ අතර, එතැන් සිට ලොව ප්‍රධාන නගර රැසක්ම මේ වනවිට එළඹුණු 2017 වසර පිළිගෙන තිබෙනවා.  

ප්‍රධාන නගරයක් ලෙස 2017 මුලින්ම පිළිගත්තේ නවසීලන්තයේ  ඕක්ලන්ඩ් නුවරයි. 

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය ආශ්‍රිතව ඉන් පසුව පැවැත්වුණේ නව වසරේ චමත්කාර ජනක පිළිගැනීමක්. 

සිඩ්නි ඔපෙරා රඟහලද ඇතුළත්ව පැවති ගිනිකෙළි සංදර්ශන දෙකක් සඳහා ටොන් හතක ගිනි කෙළි දැල්වූ අතර එය නැරඹීමට මිලියන 1.5 ක පමණ ජනකායක් එක්වුණා. 

Saturday, December 31, 2016

Written on

අද මධ්‍යම රාත්‍රී 12ට ලොව පුරා ඔරලෝසු වල වේලාව වෙනස් වන හැටි මෙන්න

නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්ය බල කාලහෝරා යන්ත්‍රය ඇතුළු ලොව පුරා සියලූම කාලය මැනීමේ උපකරණවලට අද මැදියම් රැයේදී අමතර තත්ත්පරයක් එක් කෙරෙනවා. 

ඒ පෘථිවියේ භ‍්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.  තත්ත්පරයක කාලසීමාව විද්‍යාත්මක ගවේෂණයන්හිදී විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ. 

චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂය වටා ගමන් කිරීමේදී තත්ත්පරයෙන් දහසකින් එකක නිරවද්‍යතාවක් අපේක්ෂා කෙරෙනවා. 
Written on

ජනවාරි 8 මොකද වෙන්නේ?

අලුත් අවුරුද්දේ ජනවාරි 8 වැනිදායින් පසු ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසෙන බව වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකුට (10) ආසන්න පිරිසක් මෙලෙස ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙදෙනකු, ගාල්ල දිස්ත්‍රික්කයේ දෙදෙනකු, පුත්තලම, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

Friday, December 30, 2016

Written on

[VIDEO] SUV මෝටර් රථයක් ඇතුලේ සැපක් ගත්ත යුවළකට විනාශකාරී වේදනාවක් හිමි වෙයි

කාමය පිළිබඳව තියෙන ආශාව ඕනෑම මිනිසෙකුට පහල වන හැඟීමක්. ඒ හැඟීම පාලනය කර ගැනීමට නොහැකිව සිමාවෙන් එහා ගිය වැඩ කරපු මිනිස්සු ඕනෑ තරම් අපිට දකින්න පුළුවන්.

මේ ආශාව පාලනය කර ගන්න අසමත් වෙච්ච කපල් එකක් සිය SUV මෝටර් රථයේම ලිංගිකව හැසිරී තිබෙනවා. ඒකත් සෙනඟ ගැවසෙන ස්ථානයක.

මේක බලන් ඉන්න බැරි නිසා වටේ හිටිය මිනිස්සු එකතුවෙලා මේ දෙන්නට වාහනේ ඇතුලේදීම පහරදීලා. පස්සේ පොලිසිය ඇවිත් මෙයාලව අත්අඩංගුවට අරගෙන.

Thursday, December 29, 2016

Written on

මඩකලපු වැසියන් පිරිසකට සුරාසල් එපාලු

මඩකලපුව ආරයම්පදි කොට්ඨාසයේ අනවසර මත්පැන්හල් වසා දමන ලෙස ඉල්ලමින් මහජනයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

පාසල්,දේවාල හා පොදු වෙළඳසැල් ආදිය අසල විවෘත කර ඇති සුරාසල් බලපත්‍ර අලුත් නොකරන ලෙසත් ඔවුහු ජනපතිට ලියු සංදේශයක් ප්‍රාදේශීය ලේකම් වෙත භාර දුන්හ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සිරිනේසන් හා නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් මීට එක්වූහ.